විධිමත් වෛද්‍ය නිර්දේශයකින් තොරව ප්‍රතිජීවක අලෙවි කිරීමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.ප්‍රතිජීවක සඳහා ඇති වී ඇති ප්‍රතිරෝධය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ප්‍රතිජීවක යනු අලුත් දෙයක් නොවෙයි. වසර දහස් ගණනක සිට ආසාදන සඳහා ප්‍රතිකාර කිරීමේදී ප්‍රතිජීවක භාවිත කළා. පැරණි ජනතාව විවිධ පස් සහ ශාක නිස්සාරණයන් ආසාදන සඳහා ප්‍රතිකාර කිරීමේදී යොදාගෙන තිබෙනවා. උදාහරණයක් ලෙස ඊජිප්තු ප්‍රජාව අතීතයේදී තුවාල සඳහා ප්‍රතිකාර කිරීමට පස් යොදාගෙන තිබෙනවා. දුටුගැමුණු රජතුමන් සිය බළඇණිවලට තුවාලයක් සිදුවුවහොත් ප්‍රතිකාර කිරීම සඳහා දිර්ඝ කාලයක් දුමේ තබන ලද කැවුම්වල තලපයක් යොදාගත්තා.”
බැක්ටීරියා මගින් ආසාදනය වන නිව්මෝනියාව සහ අතීසාරය වැනි රෝග දෙවැනි ශත වර්ෂයේදී මරණ රැසකට හේතුවුණා. ලොව ප්‍රථම ප්‍රතිජීවකය වන පෙනෙසිලීන්, ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් විසින් සොයාගැනු ලැබුවේ අහම්බෙන්.
ආසාදන වැළැක්වීම, පාලනය වැනි කටයුතු වලදී සෞඛ්‍ය වෘත්තිකයන් මහජනතාව මෙන්ම අදාළ සියලු පාර්ශ්වවලට ප්‍රතිජීවක පිළිබඳ ප්‍රතිරෝධය සම්බන්ධයෙන් දැනුවත් කිරීම කෙරෙහි අවධානය යොමුකරනවා. විධිමත් වෛද්‍ය නිර්දේශයකින් තොරව ප්‍රතිජීවක අලෙවි කිරීමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමටත් බලාපොරොත්තු වෙනවා. එමෙන්ම දිවයින පුරා ඔසුසැල් ලියාපදිංචි කිරීමේදී සහ පාලනය කිරීමේදීද සුදුසුකම්ලත් ඖෂධවේදීන් යොමුකිරීම ඉතා වැදගත්” යැයි පවසා සිටියේය.