එළැඹෙන ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන්නේ කුමන අපේක්ෂකයාටද යන්න සම්බන්ධයෙන් පක්ෂය තවමත් තීන්දුවක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් හසන් අලි මහතා බී.බී.සී. දෙමළ සේවය වෙත පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව සහ පොදු විපක්ෂය දෙපාර්ශ්වයම සමග සාකච්ඡා පවත්වන බවයි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට මෛත්‍රීපාල සිරිසේන හිටපු අමාත්‍යවරයා දුන් ප්‍රතිඥාව අගය කරන නමුත්, සුළු ජාතීන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ඔහු දක්වන ස්ථාවරය කවරක්ද යන්න දැනගැනීම තමන්ට වඩා වැදගත් වන බවද හසන් අලි වැඩිදුරටත් පවසා තිබේ.