සිදුකළ යුත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නොව විධායක ජනාධිපතිධුරය ප්රජාතන්ත්රීකරණය වීම බවත්, මැතිවරණ සමයේදී ජනතාවට ලබාදුන් එම පොරොන්දුව ඉටුකළ යුතු බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
දේශපාලන කුමන්ත්‍රණ, දේශපාලන නූල් සූත්තර මෙන්ම විවිධ පුද්ගලයන්ගේ හිතේ තිබෙන අදහස් ඉටුකරගැනීමට ඉඩදිය නොහැකි බවටත්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ විධායක ජනාධිපති ධුරයේ අත්තනෝමතික බලතල ඉවත්කිරීමට පක්ෂ නායකයන් එකඟ වූ බවත් රණවක අමාත්‍යවරයා පැවසුවේ අද (16දා) පැවැති මාධ්‍ය හමුවකදීය.