විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වී ගෙන එන 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත හෙට (25දා) පාර්ලිමේනතුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ. පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙම කෙටුම්පත ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.