ක්‍රිකට් කණ්ඩායම හෝ වෙනත් ක්‍රීඩක ක්‍රීඩිකාවක් විදේශ රටකදී තරගයක් ජයග්‍රහණය කර ලබාගත් මුදල් රටට රැගෙන ඒමේදි හා කලාකරුවෙකු හොඳ සිනමා නිර්මාණයක් කර විදේශ සම්මාන උලෙළකදී විශිෂ්ට සම්මානයක් දිනූ විට දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඔහු අතට ආදායම් බදු පෝරමයක් ලබාදෙන ගැසට් පත්‍රයක් මේ වන විට නිකුත් වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
මහරගම ජනතා සුභ සාධන ආයතන ශාලාවේදී පසුගියදා ඊයේ (17දා) පැවති හමුවකදී අදහස් දක්වමින් තෙතෙම මේ බව පවසා සිටියේය.
"යම් පුරවැසියෙක් විදේශ රටකට ගිහින් තම ක්‍රීඩා කෞශල්‍ය හෝ කලා කෞශල්‍ය ප්‍රදර්ශනය කර ලබාගන්නා ජයග්‍රහණ වෙනුවෙන් කිසිදු බදු මුලක් අය කොකිරීමට මහින්ද රාජපක්ෂ රජය යටතේ තීරණය කර තිබුණා. එසේම 2016 අංක 16 දරන ආදායම් බදු පනත යටතේ රටේ පුරවැසියන් විසින් ජනතාවගේ සුභ සාධනයට පිහිටවනු ලැබු කුමන සමිතියකින් හෝ බදු අය නොකිරීමට එම රජය තීරණය කරනු ලැබුවේ ඒවා සමාජ සුභ සාධනය වෙනුවෙන් කැපවී සිටින බව අවබෝධ කරගෙන සිටි නිසයි.
එහෙත් රටේ ජනතාවගේ සමාජ සුභ සාධනයට පවත්වා ගෙන සුභ සාධන සමිතිවල තැන්පත් මුදලින්ද බදු අය කිරීමට මෙම රජය විසින් නව ගැසට් පත්‍රයක් නිකුත් කිරීම හාස්‍ය ජනක කරුණක්. මෙය ජාතියක් ලෙස, ආගමක් ලෙස මෙරට ජනතාව ඒකරාශි වී පිහිටුවා ඇති සමාජ සුභ සාධනයද, විනාශ කිරීම උදෙසා විදේශ බලවේගයන්හි උපදෙස් පිට රජය විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන බව පෙනෙනවා"
අමිල සංකල්ප