විදේශ විනිමය පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුවට දැනුම්දී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් නිවැරදි කිරීම්වලට යටත්ව මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල ලෙස සැලකිය හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කථානායක කරු ජයසූරිය මහතා අද (03දා) පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121/1 ව්‍යවස්ථාව ප්‍රකාරව විදේශ විනිමය පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කර තිබිණි.