මත්තල ගුවන් තොටුපළ හරහා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර යොදාගෙන බාලවයස්කරුවන් විදේශ රැකියා සඳහා පිටත්කර යැවීමේ ජාවාරමේ යෙදී සිටියදී ඊයේ (23දා) අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (24දා) කොළඹ අලුත් කඩේ උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බව විදේශ ස්වා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
මේ පිළිබඳ 'අද' කළ විමසීමකදී සඳහන් වූයේ, මරදානේ තාවකාලික ලැඟුම් හලක බලහත්කාරයෙන් රඳවා සිටියදී ඊයේ සොයාගත් තරුණියන් හත්දෙනා මුදලට අලෙවි කර ඇති බවට වාර්තා වන බැවින් ඒ පිළිබඳවද විමර්ශන සිදුකෙරෙන බවයි.
මින් එක් තරුණියක මාස 7 ක කාලයක් බලහත්කාරයෙන් රඳවා ගෙන සිට ඇති අතර, අනෙකුත් අය මාස 1, 2 ක කාලයක් රඳවාගෙන තබාගෙන සිට ඇති බව වාර්තා වේ.
ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු සොයා විමර්ශන සිදුකරන බවත්, මෙවන් ජාවාරම්වල නිරතවන පුද්ගලයන් සම්බන්ධව තොරතුරු දන්නේ නම් 011 304 9631 හෝ 011 286 4113 යන අංකවලට දැනුම් දෙන ලෙසද විදේශ සේවා නියුක්ති කාර්යාංශය දන්වා සිටියි.