බෞද්ධ පුනරුදය උදෙසා ශ්‍රී ලංකාව විසින් සිදුකරන මෙහෙය පිළිබඳ සිය ප්‍රසාදය පළකරමින් විදේශ රටවල් කිහිපයක භික්ෂූන් වහන්සේලා පිරිසක් අද (28දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ආශීර්වාද පළ කළහ.
තායිවානය, සිංගප්පූරුව, කොරියාව, කැනඩාව, ඇමෙරිකාව, චීනය, ඕස්ට්‍රේලියාව, මැලේසියාව, හොංකොං, ජපානය, වියට්නාමය, මියන්මාරය, ජර්මනිය, ඉතාලිය, ස්විඩනය, නවසීලන්තය යන රටවල් නියෝජනය කරමින් භික්ෂූන් වහන්සේලා මෙම අවස්ථාවට එක්ව සිටි අතර, මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලහාහැංගුණ වැවේ ධම්මරතන මහ නාහිමිපාණෝද මෙම අවස්ථාවට එක්වූහ.
මෙහිදී එම භික්ෂූන් වහන්සේලා සමග සමූහ ඡායාරූපයකටද ජනාධිපතිවරයා එක්විය.
( ඡායාරූප : කපිල ආරියවංශ - ජනාධිපති මාධ්‍ය අංශය )