විදෙස් රටක නිෂ්පාදිත සිගරට් තොගයක් රිකිල්ලගස්කඩ ප්රදේශයේ වෙළෙඳ සැලකට අලෙවි කිරීමට රැගෙන යමින් සිටි පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් සහ රුපියල් 7,500ක මුදල් ඇපයක් මත මුදාහරින ලෙස වලපනේ වැඩබලන මහේස්ත්රාත් ධම්මික අපොන්සු මහතා නියම කළේය.
හඟුරන්කෙත විශේෂ පොලිස් ඒකකයට ලද තොරතුරක් අනුව සිගරට් 400ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
රිකිල්ලගස්කඩ - ටී.ඇම්. සෝමපාල