හපුතලේ, ලිප්ටන්හි සංචාරයකට එක්ව සිටි විදෙස් සංචාරකයන් තිදෙනෙකුට ලිප්ටන්හි වතු කම්කරුවන් පිරිසක් පහරදී තිබේ. පහර දීමෙන් තුවාල ලැබූ සංචාරකයන් දියතලාව රෝහලට ඇතුළත් කර තිබේ.
එංගලන්ත ජාතිකයන් දෙදෙනෙකු හා නේපාල ජාතිකයෙකු මෙසේ තුවාල ලබා තිබේ. විදේශීය ජාතිකයන් පැමිණ වතු කම්කරුවන්ට එන්නතක් ශරීර ගත කිරීමට උත්සාහ කරන බවට වතුකරයේ පැතිර ගිය ප්රකාශයක් හේතුවෙන් වැරදි වැටහීමක් ඇතිව මෙම පහරදීම සිදුව තිබේ.
වතු කම්කරු දරුවන් සමග කතා කරමින් සිටියදී මෙම පහරදීම සිදුව ඇත. හපුතලේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.