විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා මේ මස අවසානයේදී චීනයේ සංචාරය කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශ සඳහන් කරයි.
චීන රජයේ ආරාධනාවකට අනුව මංගල සමරවීර මහතා චීනයේ සංචාරයක නිරත වන අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මාර්තු මාසයේදී චීනයේ සංචාරයක නිරතවීමට නියමිතය.
චීන රජයේ විශේෂ නියෝජිතයෙක් ලෙසින් නියෝජ්‍ය අමාත්‍ය ලියු ජියන්චාවෝ ඇතුළු පිරිසක් දින තුනක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාව පැමිණි අතර මෙම ආරාධනාවන් එම සංචාරය අතරතුළදී සිදුකළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.