විදෙස්ගත ශ්‍රමිකයින් වෙත 2018 අයවැයෙන් අත්තනෝමතික ලෙස 1%ක බද්දක් පනවා ඇති බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය සඳහන් කරයි.
2018 අයවැය යෝජනාවලින් විදේශ ගත ශ්‍රමිකයින්ට කිසිඳු බද්දක් පනවා නොමැති බවද ඇය බවසයි.
මෙවැනි අසත්‍ය කාරණා ඉදිරිපත් කිරීමෙන් ජනතාව නොමග යන බවත් ඇය පවසයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශය අද (08දා) නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.