නව විදුලි සබඳතා එක් දිනකදී ලබාදීමේ වැඩපිළිවෙළක් මාර්තු මස මස 06 වැනිදා සිට ක්‍රියාවට නංවන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
නව වැඩපිළිවෙළ යටතේ පාරිභෝගිකයා විසින් විදුලි සබඳතාවක් ඉල්ලූ දිනයේම එය පරීක්ෂා කර, ඇස්තමේන්තු සකස් කර අදාළ මුදල ගෙවූ පසු එදිනම විදුලි සබඳතාව ලබාදෙන ඔහු පැවසීය.
මෙහි මූලික අදියරේදී වයඹ, උතුර, උතුරු මැද යන පළාත් මූලික කරගනිමින් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ අද (24දා) පැවති මාධ්‍ය හමුවකදීය
විදුලි සබඳතාවක් ලබාගැනීමට පාරිභෝගිකයන්ට විශාල කාලයක් රැඳී සිටීමට සිදුවීම සැලකිල්ලට ගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බව හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.