මේ වන විට දිවයිනට නිරිත දිග මෝසම් වැසි ආරම්භවී තිබුණත් විදුලි බලාගාර ආශ්රිත ප්‍රධාන ජලාශ වන මාඋස්සාකැලේ හා කාසල්රි ජලාශවල ජල මට්ටම තවදුරටත් පහළ මට්ටමක පවතින බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (26දා) පැවසීය.
විශේෂයෙන් මාඋස්සාකැලේ ජලාශයේ ජලමට්ටම මේ වනවිට 30.9% මට්ටමක පවතින අතර කාසල්රි ජලාශයේ ජලමට්ටම 36%ක පමණ ප්‍රමාණයක් ජලයෙන් පිරීපවතින බවත් මේ හේතුවෙන් මෙම ජලාශ වාන් මට්ටමට ළඟාවීමට තවදුරටත් විශාල ජල ප්‍රමාණයක් අවශ්‍ය බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේය.
නමුත් විදුලි බල නිෂ්පානයට යොදාගන්නා අනෙකුත් කුඩා මට්ටමේ ජලාශ වන ලක්ෂපාන, විමලසුරේන්ද්‍ර සහ කැනියොන් ජලාශ පිටාර මට්ටමට පැමිණ තිබුණත් ඒවා වාන්දැමීමෙන් පවතින ජල මට්ටම ඉහළයාමට තරම් විශාල තර්ජනයක් එල්ල නොවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.