විදුලි ගැටළු පිළිබඳව කෙටිකාලීන විසදුම් සියල්ල ගොනුකර අවසන්කළ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. එම සියළු කරුණු එක්කර අදාළ වාර්තාව සකසා එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට නියමිත බවත් අමාත්‍යවරයා කීය.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ සභාපතීත්වයෙන් යුත් විදුලි ගැටළු පිළිබඳව කඩිනම් විසදුම් සොයන ජනාධිපති කැබිනට් අනු කමිටුවේ අවසන් සමාලෝචනය අද (21) දින පස්වරුවේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙම කමිටුවේ යෝජනා ඇතුළත් කඩිනම් වර්තාව එළඹෙන 23 වනදා භාරදීමට නියමිත අතර, පුළුල් වාර්තාව මසක් ඇතුළත ඉදිරිපත් කිරීමට නියමිතය.
විදුලිබල ක්ෂේත්රයේ තාක්ෂණික වෙනස්කම් කළමනාකරණය, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් යොදා ගැනීම, හදිසි ආපදාවන් සඳහා මුහුණදීම ඇතුළුව ආසන්නයේ සිදු වූ විදුලි බිඳවැටීම් සම්බන්ධයෙන්ද කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.
අමාත්‍යවරුන් වන සුසිල් පේ‍්‍රමජයන්ත, පාඨලී චම්පික රණවක, චන්දිම වීරක්කොඩි, සාගල රත්නායක, අජිත් පී පෙරේරා, ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන්ද මේසදහා සහභාගීවුහ.