නෙල්ලිඅඩි නාවලමඩම් ප්රදේශයේදී විදුලිසැර වැදීමෙන් එකම පවුලේ පියෙකු සහ පුතෙකු අද (23දා) ජීවිතක්ෂයට පක්ව ඇති බව පොලීසිය පවසයි.
මේසේ මියගොස් ඇත්තේ මයිල්වාගනම් ජෙගනාදන් (58) සහ ජෙගනාදන් සංජීවන් (32) යන පියා සහ ඔහුගේ පුත්රයායි.
ප්රදේශයේ නිවසක ඇන්ටනාවක් සවි කරමින් සිටියදී විදුලි කාන්දුවක් හේතුවෙන් එක් අයෙකුට විදුලිසැර වැදී ඇති අතර ඔහු බේරා ගැනීමට උත්සාහ කළ ඔහුගේ පුතාට පසුව විදුලිසැර වැදී ඇති බව අනාවරණය වී තිබේ.
මියගිය දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුකු සිදු කිරීමට නියමිත අතර එම සිරුරු පේදුරුතුඩුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. වැඩිදුර පරීක්ෂණ නෙල්ලිඅඩි පොලීස සිදුකරයි.