කප්පාදු කළ ප්‍රසාද දීමනා හා නිවාඩු දින දීමනා නිසි ලෙස ලබාදෙන ලෙස ඉල්ලා විදුලිබල මණ්ඩල සේවකයන් අද (20දා) සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ අඛණ්ඩ සත්‍යග්‍රහය නොපැවැත්වීමට තීරණය කර තිබේ.
මීට අමතරව මණ්ඩලයේ සේවයේ නිරත සියලුම සේවකයන් හෙට කොළඹ ප්‍රධාන කාර්යාලය අසලට කැඳවා විරෝධතා ව්‍යාපාරයක් දියත් කර සමුළුවක් පැවැත්වීමට ද සැලසුම් කර තිබූ බවද වෘත්තීය සමිති සඳහන් කරයි.
ප්‍රසාද දීමනා හා නිවාඩු දින දීමනා ලබාදීමට අදාළ චක්‍රලේඛ මේ වනවිට නිකුත්තර තිබෙන නිසා එය ය මුල් කරගනිමින් සියලුම ක්‍රියාමාර්ග නවතා දැමීමට තීරණය කර ඇත.