වැසි සමග අකුණු ඇති වන විට විද්‍යුත් උපකරණ භාවිත කිරීමෙන් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
මේ දිනවල සවස් කාලයේ ඇති වන වැසි සමග අකුණු ගැසීම සිදු වන බවද එම දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේය.
අකුණු ඇතිවන විට විදුලි උපකරණ සම්බන්ධ වයරය විදුලි පේනු (ප්ලග්)වලින් ඉවත් කර තැබීමට කටයුතු කරන ලෙසද හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටියි.