විද්‍යාත්මක ප්‍රකාශන සඳහා වූ ජනාධිපති සම්මාන උලෙළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31දා) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවැත්විණි.
ශ්‍රී ලාංකේය විද්‍යාඥයන්ගේ පර්යේෂණ ප්‍රකාශන ඇගයීම සහ එම ප්‍රකාශන අන්තර්ජාතික තලයේ පර්යේෂණ සංග්‍රහවල ප්‍රකාශයට පත්කිරීම දිරිගැන්වීමේ අරමුණ ඇතිව 2001 වසරේදී මෙම සම්මාන උලෙළ ආරම්භ කර ඇත.
මෙවර සම්මාන උලෙළේදී 2010, 2011 සහ 2012 වර්ෂ සඳහා විද්‍යාඥයන් 300කට ආසන්න පිරිසක් සම්මාන ලැබූහ.
තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක, අමාත්‍යාංශ ලේකම් ධාරා විජේතිලක, ජාතික පර්යේෂණ ආයතනයේ සභාපති මහාචාර්ය ජානක ද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.