මිරිහාන - විජේරාම ප්රදේශයේ පිහිටි කුෂන් භාණ්ඩ අලෙවි කරන වෙළෙඳසැලක අද (22දා) අලුයම හදිසි ගින්නක් හටගෙන ඇති බව මිරිහාන පොලීසිය පවසයි.
පොලීසිය, ප්රදේශවාසීන්, විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් හා ගිනි නිවීමේ ඒකකයේ සහාය ඇතිව ගින්න නිවාදැමීමට කටයුතු කර ඇත. මෙම ගින්න හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැත. ගින්නට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැති අතර විදුලි කාන්දුවකින් මෙය සිදුවන්නට ඇති බවට සැකකරන බව පොලීසිය පවසයි.
මිරිහාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.