ආණ්ඩුවේ රජයේ දේපළ විකිණීමේ ක්‍රියාවලියට අනුව ත්‍රිකුණාමල වරාය සතු තෙල් ටැංකි ඉන්දියාවට පැවරීමට උත්සාහ කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින රජයේ දේපළ විකිණීමේ ක්‍රියාවලියේ ප්‍රධානතම ගොදුර බවට තෙල් ටැංකි සංකීර්ණය පත්ව සිටින බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (11දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
එසේම ආණ්ඩුවේ මේ උත්සාහය පරජය කිරීමට අවශ්‍ය ජනතා පෙළගැස්ම ඉදිරියේදී සිදුකරන බවද ඔහු එහිදී වැඩිදුරටත් පවසා සිටියේය.