විකිණීමට සූදානම්ව ගෝනිවල අසුරා තිබූ රුපියල් ලක්ෂ හැටක පමණ වටිනාකමකින් යුතු ගංජා කිලෝ දෙසිය හැත්තෑවක් අඩංගු ගෝනි විස්සක් ඊයේ (16දා) සවස සැකකරුවෙකු සමගින් අත්අඩංගුවට ගත් බව පනාමුර පොලීසිය පවසයි.
පනාමුර පොලිස් වසමේ ප්රධාන මාර්ගයේ සිට කිලෝ මීටර් අටක් පමණ දුරකින් පිහිටි මිනිස් වාසය අඩු පලූකටුව, හීන්දලූක්හින්න, අක්කර 18 කොටසේ නිවසක තිබී මෙම ගංජා තොගය අත්අඩගුවට ගෙන තිබේ.
ඇඹිලිපිටිය පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාර මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
අජිත්ලාල් ශාන්තඋදය සහ කොලොන්න ජේ. නානායක්කාර