දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනෙ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින බවත් වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දකුණ, ඌව හා නැගෙනහිර පළාත්වලත් මාතලේ හා පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සමහර ප්‍රදේශවලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බවත් අද පෙරවරුවේ ඔවුන් නිකුත් කළ විශේෂ නිවේදනයක දැක්වෙයි.