දිවයිනේ බොහෝ පළාත්වල අද (13දා) වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේ වුවත් සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මද වැසි ඇති විය හැකිය.
මේ අතර හම්බන්තොට දිස්ත්‍රිකකයේත්, බිබිල, මහියංගනය සහ මාදුරුඔය යන ප්‍රදේශවලත් විටින් විට හමන සුළඟේ වේගය පැ.කි.මී. 40, 50 දක්වා තරමක් තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.