මේ වන විට දිවයිනට බලපා ඇති නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් තවදුරටත් අපේක්ෂා කළහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (26දා) සඳහන් කරයි.
මේ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වලට විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 150ක් පමණ තද වැසි අපේක්ෂා කළ හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
මීට අමතරව අනෙකුත් පළාත්වල (ඌව සහ නැගෙනහිර) තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.
විශේෂයෙන් දිවයින හරහා විටින් විට හමන සුළං තත්ත්වය පැ.කි.මී.50 – 60 දක්වා වන තද සුළං ඇති විය හැකි අතර තද වැසි සමග සුළඟේ වේගය තවදුරටත් ඉහළ යා හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තද වැසි සමඟ අකුණු ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.