බොහෝ අපේක්ෂකයන් කිසිදු හිරිකිතයකින් තොරව වැසිකිළි පෝච්චි, බුදු පිළිම, සිමෙන්ති කොට්ට, ටකරන් ඇතුළු භාණ්ඩ අල්ලස් වශයෙන් ලබාදෙන බව
පැෆරල් සංවිධානය සඳහන් කරයි.
මීට අමතරව හොරුන්, මංකොල්ලකරුවන්, දූෂිතයන් ලෙසට චෝදනා එල්ල වූ පිරිස් සහ විවිධ කොන්ත්රාත් සිදුකරන පිරිස්ද මැතිවරණයට ඉදිරිපත් කර තිබෙන බව එම සංවිධානයේ විධායක අධ්යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
මෙවර මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා දේශීය නිරීක්ෂකයන් 7000 ක් යොදවන බවත්, ජංගම නිරීක්ෂණ රථ 375 කට අධික ප්රමාණයක් යොදවන බවද පවසා සිටියේය.