කොළඹ නගරාධිපති නිල නිවසේ වැසිකිළි පද්ධතිය අලුත්වැඩියා කිරීමට රුපියල් මිලියන 5.7ක් වැය වන බවට මාධ්‍ය වාර්තා කර ඇති ප්රවෘත්ති අසත්‍ය බව කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය පවසයි. ඇය සිය ට්විටර් ගිණුමට කළ ප්‍රකාශයක දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට අද ප්රවෘත්ති සාකච්ඡාවක්ද කැඳවා ඇති බවයි.