ෙබෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින් පවතින බවත් ඒ හරහා දිවයිනට ඇතිවන බලපෑම අඩුවෙමින් පැවැතීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම දෙපාර්තමේන්තුව අද (08දා) පෙ.ව. 12.00ට නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේමෙම පද්ධතිය ත්‍රිකුණාමලය සිට කි.මී.950ක් පමණ ඊශාන දෙසින් ස්ථාන ගතව ඇති බවයි. අතර ඉදිරි පැය 24කාලය තුලදී ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වී බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ උතුරු දිශාවට බරව වයඹ දිශාවට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
හෙට උදෑසන වන විට මෙම පද්ධතිය දුර්වල වෙමින් අන්ද්‍රා ප්‍රෙද්ශ ඔඩිෂා අතර වෙරළ තීරයෙන් ඉන්දියාවට ඇතුළු වන බවත් ඔහු පවසයි.
ඌව හා මධ්‍යම පළාත්වලත් රත්නපුර, අම්පාර හා හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි හෙට සවස2.00න් පමණ පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.