ලෝකයේ ප්රමුඛ පෙළේ වැලි වලින් නිර්මාණ කරන්නෙකු ලෙස ප්‍රකට ඉන්දියාවේ සුදර්ශන් පට්ටානයික් වැලි යොදාගනිමින් ලෝකයේ දිගම බුදු පිළිමය ශ්‍රී ලංකාවේ නිර්මාණය කිරීමට සූදානම් වෙයි.
මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වන එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුමට සමගාමීව සුදර්ශන මෙම නිර්මාණය ශ්‍රී ලංකාවේදී කිරීමට සැලසුම් කර තිබේ.
ඒ සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යලයේ ආරාධනා මත සුදර්ශන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව අසළ මෙම නිර්මාණය සිදුකිරීමට ඔහු සැලසුම් කර තිබේ. අඩි 50ක් දිග බුදු පිළිමයක් වැළි ආධාරයෙන් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකාවට පැමණීමට මත්තෙත් ඔහු මේ බව සඳහන් කළ බව ඉන්දීය මාධ්‍ය අද (07දා) වාර්තා කළේය. අද (08දා) සිට සිය නිර්මාණයේ කටයුතු ආරම්භ කිරීමට සුදර්ශන් සැලසුම් කර තිබේ.
පසුගියදා රුසියාවේ මොස්කව් නුවර පැවැති වැලි කලා ශූරතාවලියේදී ජුරී සම්මානයකින්ද ඔහු සම්මාන ලැබීය.