වැලිකඩ සිදුවීමේ අගතියට පත් සිරකරුවන්ට වන්දි
වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුවූ බව පැවසෙන කැරැල්ලේදී ආරක්ෂක අංශවල නිලධාරීන් විසින් තබන ලද වෙඩි ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූ රැඳවියෙකුට රුපියල් ලක්ෂ 20 බැගින්ද, තුවාල වූ රැඳවියෙකුට රුපියල් ලක්ෂ පහ බැගින්ද වන්දි ගෙවීමට කැබිනට් මණ්ඩලය ඊයේ (28දා) අනුමැතිය ලබාදී තිබේ.
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලය ඒ සඳහා අනුමැතිය ලබාදී තිබේ.
පසුගිය රාජ්‍ය පාලන සමයේදී 2009 නොවැම්බර් මස 11 වැනිදා වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුවූ බව පැවසෙන කැරැල්ලේදී වෙඩි වැදීමෙන් රැඳවියන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් රැඳවියෝ 20 දෙනෙක් තුවාල ලැබූහ.
එලෙස ජීවිතක්ෂයට පත්වූ හා තුවාල ලැබූ රැඳවියන්ට වන්දි ගෙවිය යුතු බවට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ යෝජනාවකට අනුව වන්දි ගෙවීමට තීරණය කෙරිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
