වැල්ලවත්තේ පිහිටි කඩාවැටුණු ගොඩ නැගිල්ලේ සුන් බුන් වලට යටවී තිබූ තවත් මළ සිරුරක් අද (21දා) පස්වරුවේ සොයාගත්බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ 60හැවිරිදි පුද්ගලයෙකුගේ බව අනාවරණය වේ.
මේ අනුව ගොඩ නැගිල්ල කඩා වැටීමෙන් මියගිය ගනන 03ක් දක්වා ඉහළ ගොස් තිබේ.
තුවාල ලබා රෝහල් ගත කර සිටින ප්රමාණය 21 බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.