වැල්ලවත්තේ ‘එක්සිලන්සි’ උත්සව ශාලා ගොඩනැගිල්ල කඩා වැටීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයට අනුව එහි අයිතිකරු ඊයේ (20දා) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලීසිය පවසයි.
මෙම අනතුර හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් 21 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
අත්අඩංගුවට ගත් ගොඩනැගිල්ලේ හිමිකරු 62 වියේ පසුවන වැල්ලවත්ත ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, මේ අනුව අදාළ සැකකරු අද (21දා) ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිදුවීම සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.