වැරදි 7ට 25000ක දඩය සංශෝධනය නොකෙරේ
රථවාහන වැරදි හතක් සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත රුපියල් 25,000 දඩ මුදල සංශෝධනය නොකිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කළ බවත්, ඒ වෙනුවෙන් කැබිනට් මණ්ඩලය තුළ ඒකමතික එකඟතාවක් ලැබී ඇති බවත් සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (07දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.
දැනට නීතිගතව නොමැති වමෙන් ඉස්සර කිරීම සහ අධික වේගයෙන් රිය පැදවීම යන කරුණු පළමුව නීතිගත කිරීමටද සාකච්ඡා වී ඇති අතර, ඒ සඳහාද රුපියල් 25,000 ක දඩය ක්‍රියාත්මක කරනවාද යන්න ඊට පසුව සාකච්ඡා කරන බවද රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම මෙම දඩ මුදල් සම්බන්ධයෙන් ඉක්මනින් ගැසට් කර පනත් සංශෝධනය කර ක්‍රියාත්මක කළ යුතු බවද අමාත්‍යවරයා පැවසීය.එමෙන්ම මෙම දඩය පැනවීමට විරෝධය පළ කිරීම සඳහා පසුගියදා සිදුකළ බස් වර්ජනයේදී ලංගම බස් රථ 128කට දැඩි ලෙස අලාභහානි සිදුකර ඇති බවත්, ඒ වෙනුවෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට නොගැනීම කනගාටුවට කරුණක් බවත් සේනාරත්න අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම මෙහිදී අදහස් දක්වමින් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසුවේ රාජ්‍ය දේපොළට හානි කළ සියලුම පුද්ගලයන්ට දැඩි දඬුවම් ලබාදෙන බවයි. ඇතැම් මාධ්‍ය ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට වර්ජිතයන්ගේ පැත්ත ගෙන ක්‍රියාකළ බවද ඔහු කීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
