අයවැයෙන් අපේක්ෂිත වැටුප් වැඩිවීමක් සිදුනොවුණු බැවින් දීපව්‍යාප්තව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට රාජ්‍ය,අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ.
එහි කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ රාජ්‍ය සේවකයා අපේක්ෂා කළ වැටුප් වැඩිවීම්වලින් 1/3 ක් වත් මෙවර අයවැයෙන් ලැබී නැති බවයි. එසේම පෞද්ගලික අංශයේ සේවකයන්ට 1/10 කින්වත් වැටුප් වැඩිවීමක් සිදුවී නැතැයිද ඔහු කීය. එමෙන්ම වැඩිකළ වැටුපෙන්ද රාජ්‍ය සේවකයා අතට ලැබෙන්නේ රුපියල් 2764 ක මුදලක් බවත්, අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ වැටුප රුපියල් 31000 කින් ඉහළ දමා ඇති බවත් රත්නප්‍රිය මහතා කීය.
ඇතිනැති පරතරය වැඩිකළ මෙම අයවැයට විරුද්ධව ඉදිරි කාලය පුරා රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශය ඒකාබද්ධ කරමින් වැඩවර්ජන, උද්ඝෝෂණ ක්‍රියාමාර්ග වලට පිවිසෙන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.