පළාත් පාලන ආයතනවල මැතිවරණය අනුව වැඩිම මන්ත්‍රීවරුන් තේරී පත්වන්නේ කොළඹ මහනගර සභාවට බවත්, අඩුම මන්ත්‍රීවරුන් තේරී පත්වන්නේ අක්කරේපත්තුව ප්‍රා‘දේශීය සභාවට බවත් සඳහන් කරයි.
නව පළාත් පාලන ආයතන මැතිවරණයට අනුව කොළඹ මහනගර සභාවට මන්ත්‍රීවරුන් 113 දෙනෙකු පත්වන බවත්, අක්කරේපත්තුව ප්‍රා‘දේශීය සභාවට මන්ත්‍රීවරුන් 11 දෙනෙකු පත්වන බවත් එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (09දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
පළාත් පාලන ආයතන මැතිවරණය පෙබරවාරි 03 - 17 වන දින අතර දිනකදී පැවැත්වෙන බවත් ඒ සඳහා රුපියල් කෝටි 400කට ආසන්න මුදලක් වැය විය හැකි බවද පවසා සිටියේය.