රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සංගම් කිහිපයක් අද (05දා) ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය දේශපාලන අවශ්‍යතා මත සිදුකරන වර්ජනයක් බවත් එයින් පීඩාවට පත්ව ඇත්තේ රටේ අහිංසක පොදු මහජනතා බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
අනුරාධපුරයේ පැවැති උත්සවයකදී ජනපතිවරයා මේ බව සදහන් කළේය.
ගැටලුවක් ඇත්නම් ඕනෑම වෘත්තීය සමිතියකට රජය සමග සාකච්ඡා කිරීමේ අවස්ථාව ඇති බවත් ඔහු සඳහන් කළේය.
වැඩවර්ජනය ප්‍රධානම හේතුව වී ඇති මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජයක් ලෙස ප්රතිපත්තීමය තීන්දු තීරණ රාශියක් ගෙන ඇති බවද රජනපතිවරයා සඳහන් කරයි.
මෙවැනි තතත්වයක් තිබියදී ඇතැමි පිරිස් වැඩ වර්ජනයක නිරතවීම ගැන තමා කනගාටු වෙන බවත් දේශපාලන අතකොළු බවට පත් නොවී තමන්ගෙත්, රටේත් අනාගතය වෙනුවෙන් තම අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්නා ලෙස වෛද්‍ය පීඨ සිසුන්ගෙන් ඉල්ලා සිටින බවත් ජනපතිවරයා පැවැසීය.