විපක්ෂ නායකවරයා වශයෙන් පත්වූ ආර්.සම්බන්ධන් මහතා නොසිටින අවස්ථාවක එම ධුරයේ වැඩ බැලීමට වැඩබලන විපක්ෂ නායක ලෙස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී මාවෙයි සේනාධිරාජා පත් කර ඇති බවට දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා කියා සිටියේය.
විපක්ෂ නායකවරයා විදේශගතවූ අවස්ථාවක එම ධුරයේ කටයුතු කිරීම පිළිබඳව විමසීමේදී මන්ත්රීවරයා මේ බව කියා සිටියේය.
එමෙන්ම සංහිඳියාව වෙනුවෙන් ඇති සූදානම ලොවට පෙන්වීම සඳහා විපක්ෂයේ ප්රධාන සංවිධායක ධුරය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට ලබාදීමටද පියවර ගත් බවට සෙල්වම් අඩෙක්කලනාදන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.