එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අනුග්‍රහයෙන් තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන 'සමාජ විරෝධී ක්‍රියාවන්ට අදාළ අසියානු කලාපයේ ක්‍රියාත්මක වන නීති' සම්බන්ධව සාකච්ඡා කෙරෙන වැඩමුළුවකට සහභාගීවීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා අද (10දා) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.
ඔහු 14 වැනිදා පැමිණිමට නියමිත අතර, එම කාලය තුළ වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස සහකාර පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.