චීනයේ බීජිං නුවර පැවැත්වෙන නීතිය පිළිබඳ පුහුණු පාඨමාලාවක් සඳහා සහභාගිවීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා දිවයිනෙන් පිටත්ව යන හෙයින් වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රයන්ත ජයකොඩි මහතා පත්කොට තිබේ. ඔහු අද (09දා) සිට එළැඹෙන මස පළමුවැනිදා තෙක් එම ධුරයේ වැඩ බැලීමට නියමිතය.