හම්බන්තොට වරාය හා ඒ අවට ඉඩම් අක්කර 15000 ක් නිසි අවසරයකින් තොරව චීන සමාගමක් දෙකකට ලබාදීම වළකාලන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිප් කළ මුලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කොට ඇත්තේ සත්‍ය කරුණු වසන් කිරීමෙන් බව නීතීපතිවරයා වෙන්වෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා ඊයේ (03දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ සහ අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගලය විනිසුරු මඩුල්ල හමුවේ විභාග කරන ලදී.මෙම පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී මුලික විරෝධතාවක් ඉදිරිපත් කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් පැවැසුවේ පෙත්සම්කාර වාසුදේව නානායක්කාර මහතා සත්‍ය කරුණු වසන් කරමින් එම පෙත්ස ඉදිරිපත් කර ඇති බවයි.
එම වරාය හා ඉඩම් බදු ගිවිසුම් මත චීන සමාගම්වලට ලබාදීම සම්බන්ධයෙන් වු ක්‍රියාවලියේ පළමු හා දෙවන අදියර පසුගිය රජය සමයේදී ආරම්භ කළ බව ද එවකට පැවති රජයේ කැබිනට් ඇමතිවරයයෙකු ලෙස පෙත්සම්කරු ද එම ක්‍රියාදාමය අනුමත කර ඇති බව ද පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල් රාජරත්නම් මහතා පෙත්සම්කරු සිය පෙත්සම මඟින් එම කරුණු සඟවා ඇතැයි පෙන්වා දුන්නේය.
පෙත්සම්කරු මෙතෙක් අවසන් නොකළ අවබෝධතා ගිවිසුමක සඳහන් කරුණු සිය පෙත්සම මගින් ශ්ශ්රේෂ්ඨාධිකරණට පෙන්වා දී ඇති අතර අවසන් නොකළ බදු ගිවිසුමක අඩංගු කරුණු අභියෝගයට ලක් කිරීමේ හැකියාවක් පෙත්සම් කරුට නොමැති බව ද පෙන්වා දුන්නේය.
එබැවින් එම පෙත්සම නිශ්ප්‍රභ කරන ලෙස ද අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම ලබන 29 වැනිදා තෙක් කල් තැබීය.