වාසුගේ තීරණය ලබන සතියේදී
ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහාය ලබාදෙන්නේද නැද්ද යන්න ගැන ලබන සතියේදී දැනුම්දිය හැකි බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
මේ ගැන සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙන් දිනයක් ඉල්ලා ඇති බවත්, ලබන සතියේදී ඒ සඳහා අවස්ථාව ලැබෙනු ඇති බවත් විශ්වාස පළකළ ඇමතිවරයා, එහිදී ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද පවසා සිටියේය.
ඉදිරියේදී දක්ෂිණාංෂික ආණ්ඩුවක් ඇතිවීමට ඉඩකඩ තිබෙන බැවින් එම තත්ත්වය මගහරවා ගැනීමට ආණ්ඩුව තුළ සිටි කටයුතු කරන බවද නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ ලෙසින් තනිවම ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන අතරතුර ආණ්ඩුව තුළ සිටින වමේ කණ්ඩායම් වන තිස්ස විතාරණ, ඩීව් ගුණසේකර යන ඇමතිවරුන් හා එකතුව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

