ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන නඩුව කොළඹ මහාධිකරණයේ අද (07දා) විභාගයට ගත් අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට හෘදයාබාධයක් වැළදුණේය. පසුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරිමට කටයුතු කෙරිණි.