වායුගෝලයේ උණුසුමට ඔරොත්තු දෙන වී වර්ග පිළිබඳ දැනටමත් පර්යේෂණ කරනවා
වායුගෝලයේ උණුසුම ඉහළ නිසා ඊට ඔරොත්තු දෙන වී වර්ග පිළිබඳ දැනටමත් අප පර්යේෂණ කරනවා විශේෂයෙන් වී වගාව පිළිබද පර්යේෂණ පවත්වෙමින් සිටින්නේ යයි රුහුණ විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ.ටී. එන්. වීරසිංහ මහතා පැවසීය.
වායුගෝලයේ උණුසුම ඉහළ යාම නිසා ඇති වී තිබෙන පාරිසරික බලපෑම් හේතුවෙන් කෘෂිකර්මයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. උෂ්ණත්වය වෙනස් වීම නිසා ඇතිවන දේශගුණ තත්ත්වයන් යටතේ කෘෂිකර්ම කටයුතු සිදුකළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ මේ වනවිට පර්යේෂණ සිදුකරමින් පවතිනවා .
මේ තත්ත්වය නිසා අනාගතයේ දී කාෂිකර්මයට දැඩි බලපෑමක් එල්ල වෙනවා වසරකට සෙන්ටිග්‍රේඩ් අංශක 0.4කින් වායුගෝලීය උෂ්ණත්වය වැඩිවෙනවා. මේ නිසා කෙටි කාලයක් තුළ විශාල වර්ෂාපතනයක් පොළොවට පතිත වෙනවා.
නමුත් වාර්ෂිකව ලැබෙන වර්ෂාපතනයේ වෙනසක් සිදුවී නැහැ. නමුත් කෙටි කාලයකින් අධික ලෙස වර්ෂාව පතිත වෙනවා. එය මහ පොළොවට දරා ගන්න බැහැ මේ නිසා පස් කඳු නායයාම්, ගංවතුර වැනි ආපදා තත්ත්වයන් ඇති වෙනවා. මේ තුළින් ඇතිවන සමාජ ගැටලු පිළිබඳ අප අධ්‍යයනය කරමින් සිටින බවද මහාචාර්යවරයා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

