ව්‍යාජ රුපියල් 1,000 නොට්ටු 75ක් ළඟ තබාගත් පුද්ගලයෙකු අද (21දා) අලුයම අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව කොල්ලුපිටිය පොලීසිය පවසයි.
මෙම සැකකරු මෙම ව්‍යාජ නොට්ටු සමග කොල්ලුපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවකට පැමිණ ක්‍රීඩා කිරීමට යාමේදී මෙම මුදල් සම්බන්ධයෙන් ඇතිවූ සැකය මත එහි කළමනාකරු විසින් කොල්ලුපිටිය පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 38 වියේ පසුවන පස්සර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කරයි.
මේ අනුව සිදුකළ විමර්ශනයකදී මෙම සැකකරු වැල්ලවත්ත ප්‍රදේශයේ වාහන සොරකම් කිරීම් 02ක් හා ක්‍රෙඩිට් කාඩ් මගින් මුදල් වංචා කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් නඩු පවරා ඇති පුද්ගලයෙකු බව හෙළිව තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.