යූඑන්පීය සමග දීගකමින් යූඑන්පී විරෝධීන්ට ඇස්ගසන ව්‍යාජ ප්‍රේමවන්තයන්ගෙන් ප්‍රවේසම් වන්නැයි ආණ්ඩු විරෝධී ජනතාවගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (28දා) පැවසීය.
2020 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන එකසත් ජාතික පක්ෂය ගෙනයන මෙහෙයුම වෙනුවෙන් පෙනීසිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් සිටින බවත්, සමහරුන්ගේ පෙකිණිවැළ කපා ඇත්තේ කොළ පැහැති රිබන් එකක් ගැටගැසූ කතුරකින් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අලහප්පෙරුම මහතා,
"මේ තෝරා බේරාගැනීම අසීරු නිසා මම ගැමියෙක් විදියට සරල භාෂාවෙන් ඉල්ලීමක් කරනවා, රෙද්දෙ තුත්තිරි ඇළවිලා තියෙනවනම් පත්තිනි අම්මා වුණත් සැකකරන්න" යනුවෙන් පවසා සිටියේය.