ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්රතිසංස්කරණයක් සහ මැතිවරණ ක්රමයේ සංශෝධනයක් සිදුනොකර මහ මැතිවරණය නොපවත්වන ලෙසට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායක රැස්වීමට සහභාගී වූ පිරිස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් බලකර ඉල්ලා තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ මෙම රැස්වීමට සහභාගී වුවද, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පමණක් ඊට සහභාගී නොවූ බව වාර්තා වේ.
මැතිවරණ ක්‍රමය වෙනස් නොකර, මහ මැතිවරණයක් පවත්වා ජනාධිපතිවරයා සතු බලතල ලබාගැනීමට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ ගන්නා බවට මෙහිදී සන්ධාන පක්ෂ නායකයන් පෙන්වා දී තිබෙන අතර, එසේ වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂවලට අවාසිදායක තත්ත්වයක් ඇතිවනු ඇති බවටද අවධානයට යොමු වී තිබේ.
මෙම රැස්වීම පෙරේදා කොළඹ දී පැවැත්විණි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව සභාපතිවරයා ලෙස පත්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂ නායකයන් කරුණු පෙන්වා දෙමින් පවසා ඇත්තේ, කඩිමුඩියේ මහ මැතිවරණයකට නොයන ලෙසයි.
අවසානයේදී පක්ෂ නායකයන්ගේ තීරණය වී ඇත්තේ මහ මැතිවරණයට පෙර වත්මන් පාර්ලිමේන්තුව උපයෝගී කරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසං‘ස්කරණයක් සහ මැතිවරණ ක්රමයේ වෙනසක් සිදුකළ යුතු බවයි. ඒ සඳහා අවශ්‍ය අවස්ථාවලදී සහාය දීමටද මෙහිදී තීරණය කර තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂ කණ්ඩායම් රැස්වීමට සහභාගී නොවූයේ ඇයිදැයි ජාතික නිදහස් පෙරමුණෙන් විමසූවිට එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කළේ, එම පක්ෂයේ නායක විමල් වීරවංශ මහතා පෙරේදා (14දා) දිනයේදී කතරගම, කිරිවෙහෙර විහාරස්ථානය බලා ගොස් තිබු බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආශීර්වාද කිරීමට ඊයේ (15දා) දිනයේදී කිරිවෙහෙර විහාරස්ථානයේදී පැවැත්වූ විශේෂ ආගමික වැඩසටහනකට සහභාගී වීමට වීරවංශ මහතා ගොස් තිබූ බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.