ව්‍යවස්ථා සංශෝධනයට කැබ්නට් එකඟතාව
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා කැබිනට් මණ්ඩලය ඊයේ (15දා) එකඟතාව පළකළ අතර, එහිදී අංශ 08ක් යටතේ විධායක ජනාධිපති බලතල අඩු කිරීමට පියවර ගැනිණි.
එහිදී ජනාධිපති ධුර කාලය වසර 6 සිට 5 දක්වා අඩු කෙරෙන අතර, ජනාධිපතිවරයෙකුට දෙවරකට වඩා ජනාධිපතිවරණයකට තරඟ කළ නොහැකිය.
අමාත්‍ය මණ්ඩලය 30 දෙනෙකුට සීමා කෙරෙන අතර, අමාත්‍යාංශ ලේකම්වරයා පත්කිරීමට මාර්ගෝපදේශන පද්ධතියක් ඇතුළත් කරන ලදී.
එසේම වසරක් ඉක්ම ගිය පසු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයද නැති වනු ඇත.
කෙසේ නමුදු ජනාධිපතිවරයා තවදුරටත් රාජ්‍යයේ ප්‍රධානියා, රජයේ ප්‍රධානියා, විධායකයේ ප්‍රධානියා හා ත්‍රිවිධ හමුදාවල ප්‍රධානියා ලෙස තවදුරටත් කටයුතු කරනු ඇත.
කැබිනට් රැස්වීමට ප්‍රථම පක්ෂ නායක රැස්වීමක් පැවති අතර, එය ඉතා උණුසුම් සංවාද ස්වරූපයක් ගත්තේය.
පසුගිය සතියේ පැවති කැබිනට් රැස්වීමද ඉතා උණුසුම් වූ අතර, එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අතර උණුසුම් විවාදයක්ද ඇතිවිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
