ජනාධිපතිවරණයේ ලැබුණු ජනවරමට අනුව සිදුකිරීමට නියමිත ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය පාරදෘශ්‍යභාවයකින් සිදුවිය යුතු බව ජාතික හෙළ උරුමය අවධාරණය කරයි.
විධායක ජනාධිපතික්රමයේ අත්තනෝමතික බලතල ඉවත්කිරීම, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම, ජාතික විගණන පනත, තොරතුරු දැනගැනීමේ අයිතිය හා මන්ත්‍රීවරුන් සඳහා වූ ආචාරධර්ම පද්ධතිය යන පනත් කෙටුම්පත් හා ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ ප්‍රමාණවත් සාකච්ඡාවකට, සංවාදයකට කාලය ලබාදිය යුතු බවද එම පක්ෂය කියයි.
කඩිමුඩියේ හදිසි පනත් ලෙස ගෙනඒමට හෝ සම්මත කරගැනීමට කටයුතු නොකළ යුතු අතර, ප්‍රමාණවත් කාලයක් ඒ සඳහා ජනතාවටද, පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලටද, සිවිල් හා බහුජන සංවිධානවලටදලබාදිය යුතු බවද එම පක්ෂය අවධාරණය කරයි. මාළිගා කුමන්ත්‍රණ හෝ රහසිගත සාකච්ඡා තුළ හෝ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය සිදුනොවිය යුතු අතර, එය තමන්ගේ පටු දේශපාලන උපාය මාර්ගවලටද යටකරගත යුතු නැතැයිදජාතික හෙළ උරුමය පවසයි.