ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය සම්බන්ධව පක්ෂ නායකයන්ගේ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (20දා) සවස පැවැත්වේ.
මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ට ආරාධනා කර තිබේ. ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ, එම රැස්වීමට සහභාගි නොවීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇති බවයි.