යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි සතියේදී නිල ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පැවසීය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස්කිරීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ ඇතුළු විවිධ පාර්ශ්වයන් රජයට චෝදනා කරන බැවින් මේසම්බන්ධයෙන් රජයේ මතය ප්‍රකාශ කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකෙරෙනු ඇත.
ව්‍යවස්ථා සංශෝධනයක් නොව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළයුතු බවට එක්සත් ජාතික පක්ෂය පවසන අතර, ව්‍යවස්ථා සංශෝධනයක් පමණක් ප්‍රමාණවත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වී ඇත.
මේහේතුවෙන් ආණ්ඩුවේ මතය කුමක්ද යන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ස්ථිරවම ප්‍රකාශ කරනු ඇත. මේ අතර ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිත කණ්ඩායමක් මෙම සතියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතය.
නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ අතුරු වාර්තා අධ්‍යයනය කරමින් සකස් කරන ලද වාර්තාව මේවනවිට සකස්කර අවසන්වී ඇති අතර, එයද ඉතා ඉක්මනින් ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට ඉදිරිපත්කර පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පක්ෂ නායකයෝ තීරණය කර තිබේ.